Wednesday, February 20, 2013


 "කෙසෙල් මුව සම්බොලේ" 

"සම්බෝල" කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ, නේද...?

හැබැයි අද නම් අපි කියන්න  යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.

අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.


"කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.

කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි.(මේ photos වල තියෙනවා වගේ)  මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.

(ඇත්තටම අපි විහුලුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. :) )

කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.

 (අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)

පටන් ගමු හදන්න.

  • ලපටි කෙහෙල් මුවක් (මේ photos වල තියෙනවා වගේ)
  • හීනියවට ගා ගත් පොල් මිටක් පමන
  • උම්බලකඩ කුඩු ටිකක්
  • රතු ලූණු ටිකක්
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමන
  • පදමත සෑහෙන සේ ලුනු කුඩු
  • දෙහි

ලපටි කෙහෙල් මුවක්












කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න

ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා)
මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න.

රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා 
උම්බලකඩ දමන්න.

අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.

දැන් ඔබට රසවත් කෙසෙල් මුව සම්බොලයේ රස බලන්න වෙලාව ඇවිත්...!!


Monday, February 11, 2013


"හත් මාලුව"

අපි මේ Blog page  එකෙන් ගොඩාක්ම ලියන්න බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන්ම කෑමට ලැබෙන අපේ සිංහල කෑම වර්ගනේ.

ඔන්න අද අපි ලියන්නෙ "හත් මාලුව" හදා ගන්න හැටි. ගොඩක් අය හිතන්නේ "හත් මාලුව" කියන්නෙ මාලුවර්ග 7ක් එකට පිස ගැනීම කියලා. අදහස නම් ඒක උනත් දැන ගත යුතුම දේ තමයි "හොදට ගැලපෙන" මාලු වර්ග 7ක් යොදා ගෙන පිලියෙල කරගැනීම.

එහෙම නොවුනොත් අවාසි ගොඩාක් වෙන්න පුලුවන්. එක්කො...අපි පිලියෙල කරගත් ව්‍යංජනය රසින් අඩුවෙන්නත් පුලුවන්. එහෙම නැතිනම්, භයානකම දේ තමයි සමහර විට අසාත්මිකතා වෙන්නත් පුලුවන් නේද?


"හත් මාලුව" එක් එක් පලාත් වල පිලියෙල කරගන්න විෂේශ අවස්ථාත් තියෙනවා.
රජ රට නම් "මගුල් මෙසෙට" වරදින්නෙ නැහැ. (කොහොමත් අපේ රටේ දැන් ගොඩක් ගුණ කෑම කන්නෙ රජ රටනෙ )

කදු රට නම් ගොඩක්ම භාවිතා වෙන්නෙ ශාරීරිකව දුර්වල අයට හදන පොෂ්ය්‍යදායි ව්‍යංජනයක් විදියටයි.
පහත රට මල ගෙදරක් උනාම හත් දවසේ දානෙට පිලියෙල කරනවාලු.
එත් අපේ පැතිවල නම් ගොඩාක්ම මේ ව්‍යංජනය දකින්නෙ සිංහල අවුරුදු සමයෙ තමයි..

හරි. දන් අපි කොහොමද "හත් මලුව" ව්‍යංජනය සාදාගන්නෙ බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

වර්ග 7











අමු කජු ගෙඩි 10-15ක්












වම්-බටු 2-3ක්











මෑ කරල් 5-6ක් (වෙනුවට බෝංචි  යොදා ගන්නත් පුලුවන් )












පරිප්පු 50g පමන










වට්ටක්කා දලු කොල 4-5ක් ( වට්ටක්කා දලු හොයා ගන්න අපහසු නම් සරණ, තම්පලා හො නිවිති යොදා ගන්නත් පුලුවන් )













කිරි අල 50g ක් පමන (අඩුවෙන් - උස්න අධික නිසා)












කොස් ඇට 10 ක් පමණ

අනිකුත් අවශ්‍යය දේ... (රස කාරක )

රතු ලූනු ගෙඩි 5ක් පමණ
සුදු ලූනු බික් 2ක් පමන සිහින්ව ලියා ගන්න
අමු මිරිස් කරල් 3ක් පමන කැබලි වලට කපා ගන්න

කරපිංචා
රම්පෙ කොල කැබලි කීපයක්
කුරුදු පොතු කැබැල්ලක්
කහ කුඩු (තේ හැන්දි 1/4ක් පමණ )
උලු හාල් ඇට ටිකක්
තුන-පහ කුඩු (තේ හැන්දක් පමණ )

මිටි කිරි (කොප්පයක් පමන )
දිය කිරි (අවශ්‍ය පමනටා


හරි,එහෙනම් පටන් ගමු හදන්න......
අමු කජු ගෙඩි වතුරේ දමා පොගවා කුරුට්ට ඉවත් කරගන්න. (අමු කජු හොයා ගන්න අපහසු නම් වියලි කජු වතුරේ පැය 2-3ක් පොගවා ගෙන වතුර බේරා ගන්න)


වම් බටු අගල් 1/2ක් පමන පලලට හා අගල් 2ක් පමන දිගට කපා ගන්න.
මෑ කරල් වල නූල් ඉවත් කර අගලක පමන දිගට කැබලි වලට කඩා ගන්න.(පිහියෙන් කපනවාට වඩා අතින් කඩාගැනීම රස වැඩිවෙයි.)

වට්ටක්කා දලු අගලක් පමන කැබලි වලට කඩා ගෙන, නොමේරු නැටි වල පිට පැත්තේ අති සිහින් සිවිය ඉවත් කරන්න
කොස් ඇට තලා කුරුට්ට හා පොතු ඉවත් කර කැබලි වලට කඩා ගන්න
කිරි අල පොත්ත ඉවත් කර හොදින් සොදා අගලක පමන ඝනකමට පෙති කපා නැවත මැදින් කපා ගන්න



පරිප්පු හොදින් සෝදා ගරා භාජනයකට දමා ගන්න. 

ඉන් පසු වට්ටක්කා දලු හා බටු හැර අනික් සියලුම එලවලු භාජනයට දමන්න.
රතු ලූනු, සූදු ලූනු, කරපිංචා, රම්පෙ, තුන-පහ කුඩු, කහ කුඩු, උලු හාල්, කුරුදු පොතු දමා අවශ්‍ය ප්‍රමානයට ලුනු කුඩු දමන්න.

දැන්, අවශ්‍ය පමන දිය කිරි හෝ වතුර දම මද ගින්නේ පියනකින් වසා පිස ගන්න.

අදක් තැම්බුන පසු කජු මද හා කොස් ඇට, වට්ටක්කා දලු
හා බටු යොදා නැවත පිස ගන්න.


වතුර ගතිය අඩු වී එලවලු තැම්බුන පසුව මිටි කිරි දමා
දිය ගතිය අඩු වෙන තුරු හොදින් පිස ගන්න.

ලිපෙන් බා ගෙන ලුනු ඇඹුල් බලන්න.


රස බොජුන් ඉගි....
පොල් ස්වල්පයක් මිරිස් ගලේ අබරා දැමීමෙනුත් රස තවත් වැඩි කර ගත හැක.

අබ හා සුදු ලුනු අබරාගෙන ටිකක් යොදන්නේ නම් රස වැඩි කරගත හැක

තෙම්පරාදු කරන්නේ නම්...
පොල් තෙල් රත් කොට, අබ ඇට පිපිරෙන තුරු දමන්න.
ඉන් පසු එයට සිහින්ව ලියා ගත් සුදු ලූනු දමා රන් වන් පැහැ වෙන තුරු බදින්න. දැන් "හත් මලුව" එයට දමා තෙම්පරාදු කරගන්න.







Friday, February 8, 2013


"කෙකටිය දලු තෙම්පරාදුව"

අද අපි කියලා දෙන්න යන්නෙ කොහොමද "කෙකටියා මල්" ව්‍යංජනය පිලියෙල කරගන්නෙ කියලා.

ඒත් ඉට කලින් මම ටිකක් විස්තර කරන්නම් මොනවද මේ "කෙකටියා" කියන්නෙ කියලා. 

කෙකටියා කියන්නෙ (මම අහලා තියේන විදියට්) අපේ රටට අවේණික පැලටියක්. මේව හැදෙන්නෙ වැව් පොකුණු එහෙමත් නැතිනම් දිය කඩිති වල. මේ ශාකය අපේ රටට අවේණික උනත් අපේ රටේ ගොඩක් අය මේ ශාකය අදුරන්නේ නැහැ. ගොඩක් අයට මේවා වෙලද පොලේ තිබුනත් පිලියෙල කරගන්න හැටි නොදන්න නිසාම මිලදී ගන්නේ නැහැ. 

"කෙකටියා" සිංහල අයුර්වේදයේ පාවිච්චි වෙන බෙහෙත් පලෑටියක්. ඒක නිසා මේ පලෑටියේ අති ගුණය පිලිබදව මා කිවයුතු නැහැ නෙද?


මේ ශාකයේ ගුණය වගේම රසයෙත් අඩුවක් නම් නැහැ. මේ ශාකයේ අපේ රටට විතරක් අවේණික නිසා මම හිතන්නෙ අපිට වෙනත් රටකදි මෙහි රස විදින්න ලැබෙන්නෙ නැතිව ඇති. (ආවෙණික නිසා අපනයනය තහනම් ශකයක්)


මෙන්න මෙහෙමයි "කෙකටිය දලු තෙම්පරාදුව" පිලියෙල කරගන්නෙ.


අවශ්‍ය ද්‍රව්‍ය












කෙකටියා දලු මිටි 1ක්














සිහින්ව ලියා ගත් ලොකු ලුණු ගෙඩියක් (නැතිනම් පොඩි ලුණු ගෙඩි 6ක් පමන )











සිහින්ව කපා ගත් පොඩි තක්කාලි ගෙඩියක් 













වියලි කෑලි මිරිස් තේ හැදි 1/2 පමණ (වැඩියෙන් මිරිස් පාවිච්චි කරන්න එපා. මෙහි ස්වභාවික රසය නැතිවෙනවා)














උම්බලකඩ කෑල්ලක් (මේස හැදි 1ක් පමණ වන සේ කෑලි වලට කඩා ගන්න)








අවශ්‍ය ප්‍රමාණයට ලුණු



අවශ්‍ය ප්‍රමාණයට පිරිසිදු පොල් තේල්









සාදාගන්නා ක්‍රමය


කෙකටියා දලු වල මේරු කොටස කපා ගන්න
ඉන් පසු හොදින් සෝදා වතුර බේරෙන්න තබන්න.
වතුර බේරුන පසු කුඩා කැබලි (අගලක් පමණ දිග ) කැබලි වලට කපා ගන්න.
එයට ලුණු (ලුණු කැට හෝ ලුණු කුඩු පාවිච්චි කරන්න.) , කෑලි මිරිස්, තක්කාලි හා උම්බලකඩ දමා හොදින කලවම් කරගන්න
පොල් තෙල් ස්වල්පයක් භාජනයකට දමා මද ගින්දරේ රත්වු පසු කෙකටිය දලු මිශ්‍රණය දමන්න.

කෙකටිය දලු වල වතුර ගතිය වැඩි නිසා පිස ගැනීමෙදි ගින්දර මදක් වැඩි කරන්න.

ඉන්පසු විනාඩි 15 ක් පමන පිස ගෙන භාජනය ලිපෙන් ඉවතට ගන්න. (ගොඩක් වේලා වක් ගින්දර වැඩි කර පිස්ගත හොත් රසය හා ගුණයද අඩු විය හැක.)

රස බොජුන් ඉගි....


තක්කලි අගුණ අයට දෙහි ඇබුල් පාවිච්චි කල හැක.

පිසුන පසු මිටි කිරි ස්වල්පයක් ඉස ගැනීමෙන් රස වැඩි කරගත හැක.


Sunday, February 3, 2013


කඩල ව්‍යාන්ජනය

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් කඩල - 200g 

සුදු ලුනු බික් 3

පොඩි බොම්බයි ලුනු ගෙඩි 1

ඉගුරු අගලක කැබෑල්ලක්

කොත්තමල්ලි කුඩු තේ හැදි 1ක්

සුදුරු කුඩු තේ හැදි 1/2 ක්

කහ කුඩු තේ හැදි 1/4ක්

ගරම් මසාලා(කුලු බඩු ජාතියක්) කුඩු තේ හැදි 1/2ක් 

තක්කාලි සොස් (tomato source) මේස හැදි 1 1/2ක්

තෙල් මේස හැදි 2 ක පමන

අවශ්‍ය පමනට ලුනු


සාදන ක්‍රමය

සුදු ලුනු , ඉගුරු සිහින්ව තලා ගන්න
බොම්බයි ලුනු ගෙඩිය සිහින්ව කපා ගන්න
භාජනයක් ලිප තබා , තෙල් දමා රත් කරන්න
තෙල් රත් වු පසු එයට  ඉගුරු, සුදු ලුනු හා 
බොම්බයි ලුනු දුබුරු පාට වන තුරු බෑද ගන්න




පසුව ගිනදර අඩු කර කොත්තමල්ලි කුඩු,සුදුරු කුඩු, කහ කුඩු , මිරිස් කුඩු දමා
තරමක දුබුරු පාට වන තුරු බෑද ගන්න

(සැ.යු. තුන - පහ රත් වු තෙලට දමන විට ගින්දර අදු කරන්න, නැතහොත් තුන - පහ වර්ග පමනට වඩා බෑදුන හොත් රසය අඩු වෙනවා.)

තක්කාලි යොදන්නේ නම් මෙම අවස්ථාවේදි යොදන්න.

මින් පසුව මෙයට තම්බා ගත් කඩල දමා කලවම් කර
ලුනු හා වතුර ටිකක් එකතු කර 
මද ගින්දරේ ම්නිත්තු 20 ක් පමණ පිසින්න......

පසුව මෙයට තක්කාලි ....... දමා යලිත් කලව්ම් කරන්න. 

ඉන් පසුව යලිත් ම්නිත්තු 5 ක් පමණ පිස ලිපෙන් බා ගන්න..




(සැ.යු. දැන් ලුනු - ඇබුල් බලන්න.)

රස බොජුන් ඉගි....
මෙයට පොල් කිරි දමාද පිස ගත හැක.
තැම්බුන කඩල ස්වල්පයක් හැන්දෙන් පොඩි කර ගැනීමෙන් තවත් 
උකු කර ගත හැකියි.