"කෙසෙල් මුව සම්බොලේ"
"සම්බෝල" කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ, නේද...?
හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.
අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.
"කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.
කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි.(මේ photos වල තියෙනවා වගේ) මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.
(ඇත්තටම අපි විහුලුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. :) )
කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.
(අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)
(අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)
පටන් ගමු හදන්න.
- ලපටි කෙහෙල් මුවක් (මේ photos වල තියෙනවා වගේ)
- හීනියවට ගා ගත් පොල් මිටක් පමන
- උම්බලකඩ කුඩු ටිකක්
- රතු ලූණු ටිකක්
- සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමන
- පදමත සෑහෙන සේ ලුනු කුඩු
- දෙහි
ලපටි කෙහෙල් මුවක්
කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න
ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා)
මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න.
රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා
උම්බලකඩ දමන්න.
අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.
දැන් ඔබට රසවත් කෙසෙල් මුව සම්බොලයේ රස බලන්න වෙලාව ඇවිත්...!!